ඊයේ (21) දින ඕස්ට්‍රේලියාවේ ට්‍රාන්මියර් වෙරළ තීරයට ගසාගෙන ආ නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හඳුනා ගැනීමට එරට පොලිසිය මහජන සහය පතන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස සොයා ගත් පුද්ගල මළ සිරුර අවුරුදු 18 – 25 ත් අතර පසුවන අයෙකු වන බවත් , එම පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු බවට විශ්වාස කරන බවත් එරට පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම මෙම මරණයට හේතුව දැන ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ සිඳු කරන බවත් , මළ සිරුර හමු වූ ස්ථානයෙන් නොව වෙනත් ස්ථානයකින් අදාළ පුද්ගලයා මුහුදට වැටෙන්නට ඇති බවත් එරට පොලිසිය සැක පල කරන බව සඳහන්.















































