රත්ගම , කිරිමැටිය ආදාහනාගාරය පිටුපස කලපු ප්‍රදේශයේ තිබී ඊයේ (18) පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙන බව වාර්තා වේ.
රත්ගම පොලීසියට ලද තොරතුරකට අනුව අදාළ මළ සිරුර සොයා ගෙන තිබෙන අතර එලෙස මිය ගොස් තිබෙන්නේ එම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන් .
පොලීසිය සඳහන් කරන්නේ මියගිය පුද්ගලයාගේ අත් පා ගැට ගසා තිබූ බවත් , සිරුරේ ස්ථාන කිහිපයකම තුවාල දක්නට ලැබූ බවත් ය .
අදාළ පුද්ගලයා ඉකුත් 17 වනදා සවස පැණිවත්ත , කටුදම්පේ ප්‍රදේශයේ පිහිටි අවන්හලක මිතුරන් පිරිසක් සමඟ මත්පැන් පානය කොට ඇති අතර එම සාදය අතරතුර දී ඔහු එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති බවට විමර්ශන වලදී තොරතුරු අනාවරණය වී තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු රත්ගම පොලීසිය විසින් සිදු කරනු ලබයි .














































