ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් කටයුතු කරන පොලිස් නිළධාරීන්ට එරෙහිව පරීක්ෂණ පවත්වා විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ඒකකය ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව ජනතාවගෙන් ලද පැමිණිලි විමර්ශනය කර මූලස්ථාන චක්‍රලේඛ හා උපදෙස්වලට පටහැනිව ක්‍රියාකළ නිළධාරින් 9 දෙනෙකු තනතුරුවලින් ඉවත් කිරීමට කටයුතු කරන බවත් , පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා කළ පරීක්ෂණයකට අනුව එසේ ජනතා පැමිණිලි , මූලස්ථාන චක්‍රලේඛ හා උපදෙස්වලට පටැහැනිව ක්‍රියාකළ සිදුවීම් 125ක් පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක වී ඇති බවත් එම ඒකකය සඳහන් කර තිබේ .














































