රට තුළ ඉන්ධන මිල අඩුවීමත් සමග ප්‍රවාහන ගාස්තු අඩු කිරීම පදනම් කර ගනිමින් පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා මහතා විසින් සදහන් කර ඇත්තේ පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු ද අඩු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවයි.
ඒ මහතා තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ප්‍රතිශතයක් ලෙස ගාස්තු අඩුකිරීම අපහසු වන බැවින් දෙමව්පියන් හා සාකච්ඡා කොට මිල ගණන් තීරණය කළ යුතු බවයි.
පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා මහතා “වැඩි වීමේ දී වැඩි වූ ආකාරයටම දෙමව්පියෝ සහ හිමිකරු සහ රියදුරු සමග ඇති කරගත් එකඟතාවය මතම මිල අඩුවීමේ දී ත් එතුමන්ලා සමග සාකච්ඡා කරලා අඩු කිරීමට කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මොකද අපිට ප්‍රතිශතයක් ලෙස අඩු කිරීමක් කරන්න අපහසුතාවයක් තියෙනවා. මොකද අපි දුවන ප්‍රමාණ එකිනෙකාට වෙනස් වෙනවා. ඒ නිසා තෙල් මිල පහළ යාම මත එය සිදුකරන ලෙස අපි ඉල්ලා සිටිනවා.”














































