මත්ද්‍රව්‍ය උවදුර පාලනය සඳහා ජනතාවගෙන් අදහස් සහ යෝජනා ලබා ගැනීමට මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම පිළිබඳව සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.
රටේ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා කතානායකවරයා විසින් මෙම කමිටුව පත් කරනු ලැබුවේ පසුගිය ජුනි මස 8 වැනිදාය.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සභාපතිත්වය දරන මෙම විශේෂ කාරක සභාවට සාමාජික මන්ත්‍රීවරු 11 දෙනෙක් ඇතුළත් වෙති.
කමිටුවේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තු සහකාර මහලේකම් හංස අබේරත්න මහතාය.
මත්ද්‍රව්‍ය උවදුර පාලනය සඳහා අදහස් හා යෝජනා ලේකම්, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව .ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ,ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලබන ඔක්තෝබර් මස 12 වැනිදා හෝ ඊට ප්‍රථම යොමුකළ හැකි බවට එම කමිටුව පවසයි.
මෙයට අමතරව legis com@parliament.lk යන විද්‍යුත් ලිපිනයටද අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකි බව සදහන්.