අනවසර පිවිසීම් ඇතුළු නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීමේ අරමුණින් වසර දෙකකට වැඩි කාලයක් අක්‍රීය තත්ත්වයේ පවතින ගූගල් ගිණුම් ඉවත් කිරීමට එහි හිමිකාරීත්වය දරණ ඇල්ෆබට් සමාගම තීරණය කළ බව වාර්තා වේ.
ඒ අනුව 2022 වර්ෂයේ දෙසැම්බර් මස සිට වසර දෙකක් අක්‍රීය තත්ත්වයේ පවතින ගිණුම් ඉවත් කෙරෙන බවත් , එම අක්‍රීය ගිණුම් හරහා ජී මේල් , යූ ටියුබ් , ගූගල් ඩ්‍රයිව් , ගූගල් ෆොටෝස් වෙත ද එකකර ඇති ඡායාරූප සහ වීඩියෝ මැකී යන බවත් සදහන්.














































