අක්‍රීය ගූගල් ගිණුම් ගැන තීරණයක්.

අනවසර පිවිසීම් ඇතුළු නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීමේ අරමුණින් වසර දෙකකට වැඩි කාලයක් අක්‍රීය තත්ත්වයේ පවතින ගූගල් ගිණුම් ඉවත් කිරීමට එහි හිමිකාරීත්වය දරණ ඇල්ෆබට් සමාගම තීරණය කළ බව වාර්තා වේ.

ඒ අනුව 2022 වර්ෂයේ දෙසැම්බර් මස  සිට  වසර දෙකක් අක්‍රීය තත්ත්වයේ පවතින ගිණුම් ඉවත් කෙරෙන බවත් , එම අක්‍රීය ගිණුම් හරහා ජී මේල් , යූ ටියුබ් , ගූගල් ඩ්‍රයිව් , ගූගල් ෆොටෝස් වෙත ද එකකර ඇති ඡායාරූප සහ වීඩියෝ මැකී යන බවත් සදහන්.

Exit mobile version