පවතින සහල් තොග එළැඹෙන මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු ප්‍රමාණවත් බැවින් පිටරටින් සහල් ගෙන්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ජනාධිපති කාර්යාලයේදී සංවිධානය කර තිබූ විද්වත් හමුව අමතමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
ගොවීන්ට අවශ්‍ය පොහොර වර්ග තුනම නිසි වේලාවට ලබාදීම සහ මූල්‍ය සහන ලබා දීම හේතුවෙන් පසුගිය මහ කන්නය සාර්ථක වූ බවත්, නියඟය නොමැති අනෙක් පළාත්වලින් ඉහළ අස්වැන්නක් ලැබුණු බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.














































