විදේශීය චිත්‍රපට මහජන ප්‍රදර්ශනය සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් ලබාගැනීමේ අයඳුම් කිරීමේ ගාස්තුව අඩුකිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ.
ලබන මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු සංශෝධනය සිදුකර ඇති බව සදහන්.
මෙරට තුළ විදේශීය චිත්‍රපටියක් ප්‍රදර්ශනය කිරීම සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් ලබා ගැනීමට අයඳුම්පත්‍රයක් භාරදීමේ දී මීට පෙර රුපියල් 40,000ක මුදලක් ගාස්තු වශයෙන් අයකරනු ලැබීය.
නව සංශෝධනයට අනුව එම මුදල රුපියල් 30,000 දක්වා අඩු කර ඇති බවට ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ අතර ප්‍රසිද්ධ රැඟුම් පාලක පනත ප්‍රසිද්ධ රැඟුම් පාලන ආඥා පනත ලෙස සංශෝධනය කිරීමට ද ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.














































