ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර කාන්තා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ධනය වෙනුවෙන් සිදු කරනු ලැබූ කැපවීම හේතුවෙන් බ්‍රිතාන්‍ය රාජකීය ප්‍රසවවේද හා නාරිවේද සංගමය විසින් මෙරට වෛද්‍යවරයෙකු ඊයේ (29) ලන්ඩන් නුවර දී විශේෂ ඇගයීමකට ලක් කර ඇති අතර ඔහු ගෞරව සම්මානයකින් පිදුම් ලැබූ බව වාර්තා වේ.
මෙලෙස ඇගයීමට ලක්ව ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්‍යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතායි.
මොහු 2009 වර්ෂයේ සිට මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය පිළිබඳව ජාතික වැඩසටහන් කළමණාකරුවෙකු සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික කමිටු සාමාජිකයෙකු බව සඳහන් වේ.
එමෙන්ම මොහු මෙරට මාතෘ මරණ විමර්ශන ක්‍රියාවලිය ජාත්‍යන්තරයේ පිළිගත් ක්‍රමවේදයක් බවට පත් කිරීමට මෙන්ම ඒ සම්බන්ධයෙන් වෙනත් රටවල සෞඛ්‍ය කණ්ඩායම් පුහුණු කිරීමට ද මැදිහත් වී තිබෙන බව වාර්තා වේ.













































