පාරිසරික හේතුන් මත වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති ඩොල්ෆින් මත්ස්‍යයෙකු ඊයේ (9) පස්වරුවේ පුත්තලම කළපු තීරයට පැමිණ තිබෙන අතර පුත්තලම වනජීවී කාර්යාලයේ නිලධාරීන් සහ ඉලන්තඩිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් එක්ව යාත්‍රා උපයෝගී කරගනිමින් ආරක්ෂිතව ඩොල්ෆින් සත්ත්වයා දියඹට මුදා හැරීමට කටයුතු කෙරුණු බව වාර්තා වේ .
මෙම ඩොල්ෆින් මත්ස්‍යයා අඩි 7 කට වඩා වැඩි බව සඳහන් .














































