මාතර දිස්ත්‍රික් රෝහල් කිහිපයක් සඳහා රුපියල් මිලියන 30 කට අධික වෛද්‍ය උපකරණ තොගයක් මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලයේදී පරිත්‍යාග කළ බව වාර්තා වේ .
මෙම පරිත්‍යාගය සිදු කරන ලද්දේ ලොව පුරා විසිරී සිටින සුවහසක් ධන පරිත්‍යාගශීලී භවතුන්ගේ අනුග්‍රහයෙන් රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂක හා ශ්‍රී ලංකා ජාතික රෝහලේ රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂක පූජ්‍ය රජවැල්ලේ සුභූති නාහිමියන් විසින් වන අතර මෙම අවස්ථාවට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එම්. ඩබ්ලිව්. ඒ. කේ. මැදිවක , නියෝජ්‍ය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය එච්. එල්. එස්. චතුරිකා , තත්ත්ව කළමණාකරණ ඒකකයේ ප්‍රධානී වෛද්‍ය චමිලා ජයසේකර , සැලසුම් අංශ ප්‍රධානී වෛද්‍ය දිලිනි තාරකා ගණකාධිකාරී ඩබ්ලිව් . ඒ. එන්. සුදර්ශනී , පරිපාලන නිලධාරී අමිලා රාමනායක යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.














































