ගොවි සංවිධානවල ප්‍රධානීන් හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර සාකච්ඡාවක් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ දී අද (21) පැවැත්විණි.
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි ගොවි නායකයන් ද ඊට සහභාගි වී ඇති අතර, ගොවි ගැටලු පිළිබඳ එහි දී සාකච්ඡා වූ බව සඳහන්.
රාජ්‍ය නිලධාරීන් ද මෙම සාකච්ඡාවට සහභාගී වී තිබේ.
පැය 05කට අධික කාලයක් පැවති මෙම සාකච්ඡාවට එක්වූ ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය, අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට දෝෂාරෝපනයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
ඒ, අදාළ නොවන රැස්වීමකට තමන්ට කැඳවීමක් කර ඇතැයි පවසමිනි.
රාජ්‍ය නිලධාරිනිය ගේ හැසිරීම පැමිණ සිටි ගොවීන් ගේ විවේචනයට ලක් වී ඇති අතර, ඇයට එහි දී ගොවීන් ගෙන් දැඩි විරෝධයක් ද එල්ල වී තිබේ.
කෙසේ වෙතත් අනතුරු ව අමාත්‍යවරයා ගේ අවසරයෙන් දේවානි ජයතිලක රාජ්‍ය නිලධාරිනිය එම ස්ථානයෙන් පිටත් ව ගිය බව සඳහන් .














































