ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ද්විත්ව ශතක වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් සහ හෙන්රි නිකොල්ස් සමත් වූ බවට වාර්තා වේ.
කේන් විලියම්සන් ලකුණු 215ක් සහ හෙන්රි නිකොල්ස් නොදැවී ලකුණු 200ක් ලබා ගත් අතර මෙය ඔහු ටෙස්ට් ඉනිමකදී ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවයි.
තරගයේ සිය පළමු ඉනිම අත්හිටුවන විට නවසීලන්ත කණ්ඩායම ලකුණු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 580 කි.
පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 2ක් සහ ධනංජයද සිල්වා හා ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ල බැගින් බිද දමා තිබේ.