උප පොලිස් පරීක්ෂකවරයකුට බස් රථයකදී පහර දුන් හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයකුගේ රියදුරෙකු බොරලැස්ගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට අනුයුක්තව රාජකාරි කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙකි.
නෑබඩ සිට කොළඹ දක්වා ගමන් ගන්නා බස් රථයක පැමිණෙමින් සිටි මෙම උප පොලිස් පරික්ෂකවරයා ගමන් බෑගයක් සම්බන්ධව පුද්ගලයෙකු සමග ඇතිවූ වචන හුවමාරුවක් දුරදිග යාමෙන් මෙලෙස පහර කෑමට ලක්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබයි .