ඊයේ (09) දින සවස් කාලයේදී අච්චුවේලි පොලිස් වසමේ අක්කරෙයි ප්‍රදේශයේ මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයකු දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වේ.
අච්චුවේලි පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශණ ආරම්භ කර තිබේ.
මරණකරු වයස අවුරුදු 75ක් වූ කිරුඩාවිල් දකුණ ,තොන්ඩමනාරු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘතශරීරය හදිසි මරණ පරීක්ෂණය සිදුකර යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අච්චුවේලි පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබයි.














































