ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාට තම නිල නිවස ඉදිරිපිට දී නන්නාදුනන පුද්ගලයෙකු විසින් බිම දමා පහර දුන් බව කියමින් විදුහල්පතිවරයා විසින් ගාල්ල පොලිසියට පැමිණිලි කර තිබේ.
මෙම විදුහල්පතිවරයාගේ බිරිඳ අසනීප වී කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන ගොස් නතර කර ඊයේ (12) රාත්‍රී 11.30 ට පමණ රෝහලෙන් පිටවී ආපසු තම නිවස කරා මෝටර් රථයෙන් පැමිණ නිවසේ ගේට්ටුව විවෘත කිරීම සඳහා මෝටර් රථයෙන් බැස තිබේ. එම අවස්ථාවේ මෝටර් රථය පිටුපසින් යතුරු පැදියකින් පැමිණි බීමත් පුද්ගලයෙකු විසින් බිම දමා ගෙන තමාට පහර දුන් බවත් , එම අවස්ථාවේ ප්‍රදේශවාසීන් එක් වූ බවත් , පසුව සැකකරු යතුරුපැදිය දමා පලා ගිය බවත් විදුහල්පතිවරයා විසින් පොලිසියට ප්‍රකාශ කර තිබේ. මෙම සැකකරු කවුරුන්දැයි හඳුනාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය විසින් පරීක්ෂණ පවත්වන බව සඳහන්.














































