පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ බීමත් පොලිස් කොස්තාපල්වරයෙකු ඌවපරණගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඌවපරණගම පොලිස් අත්අඩංගුවේ සිටින පොලිස් නිලධාරියෙකු බැලීම සදහා බීමතින් පැමිණි මෙම පුද්ගලයා කලහකාරී ලෙස හැසිරී ඇති බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.














































