පොලිස් විශේෂ කාර්‍ය බළකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර , සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර යන අයගේ උපදෙස්වලට අනුව බුද්ධි කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක පී.බී.රාජනායක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සිඳු කළ වැටලීමකින් නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ නිවසක් තුළ පවත්වාගෙන ගිය රියදුරු බලපත්‍ර ඇතුළු අනෙකුත් ලේඛන ව්‍යාජ ලෙස සකස් කරන ස්ථානයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
සැකකරු 37 හැවිරිදි කොළඹ 5 නාරාහේන්පිට පදිංචි අයෙක් බව සඳහන්.
මෙම ස්ථානය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල පිටුපස පවත්වාගෙන ගිය බව පොලීසිය විසින් ප්‍රකාශ කර තිබේ.
සැකකරු සතුව තිබී විවිධ පුද්ගලයින්ගේ නමට ව්‍යාජ ලෙස සකස් කර තිබූ රියදුරු බලපත්‍ර 20ක් , විවිධ කාඩ්පත් 11ක් , පරිගණක පද්ධතියක් , සිංහල ව්‍යාජ බලපත්‍ර සකස් කිරීමට යොදා ගන්නා උපකරණ , බැංකු කාඩ්පත් 7 ක් , ආදායම් බලපත්‍ර 3 ක් පොලිස් භාරයට ගත් බව වාර්තා කරයි.
( ඡායාරූප අන්තර්ජාලයෙන් )














































