ගොතටුව IHD ජලපවාහන මණ්ඩලය අසල ජල නලයක් පුපුරා යාමෙන් පාසල් යමින් සිටි පියෙක් සහ දියණියක් අද (20) උදෑසන වතුර වළකට වැටී අනතුරකට ලක්ව තිබෙන බව වාර්තා වේ .
යතුරුපැදියකින් පාසල් යමින් සිටි පියෙක් සහ දියණියක් එලෙස වතුර වලට ඇද වැටී අනතුර සිදුව තිබෙන අතර ඔවුන් අඩි 16 ක් පමණ ගැඹුරු වළකට වැටී ඇති බව සඳහන් .
මේ වන විට පියා සහ දියණිය ඉන් ගොඩට පැමිණ ඇති අතර මෙම ජල නළය පුපුරා යාම හේතුවෙන් එම ප්‍රදේශයේ ජල සැපයුම ද අත්හිටුවා තිබේ .














































