යාපනය වලිකාමම් ප්‍රදේශයේ පාසලක තුන් වන ශ්‍රේණියේ සිසුවියකට පන්තිභාර ගුරුවරයා විසින් සිදු කළ පහර දීමෙන් සිසුවිය තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
එම පහරදීමෙන් අදාළ සිසුවියගේ දකුණු අත එසවීමට නොහැකි අන්දමට තුවාල වී ඉදිමී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සිසුවියගේ දෙමව්පියන් විසින් යාපනයේ අධ්‍යාපනය බලධාරීන්ට පැමිණිලි කර තිබේ. සිසුවිය තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන් වේ.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් යාපනය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර පහර දීමට සම්බන්ධ ගුරුවරයා නිවාඩු ලබා පාසලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.














































