නවසීලන්තයේ වෙලින්ටන්හි මහල් හතරකින් යුතු නේවාසිකාගාරයක් තුළ සිඳු වූ ගිනි ගැනීමකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ගොඩනැගිල්ලේ සිර වී සිටි පිරිසක් මුදාගෙන ඇති අතර තවත් පිරිසක් එහි සිර වී සිටින බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමති අතර ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 20ක් පමණ යොදා ගෙන තිබේ.















































