ගත වූ මාස කිහිපය ඇතුළත රජයේ රෝහල්වල සිදු වූ මරණ අතරින් සෞඛ්‍ය අංශයට චෝදනා එල්ල වූ මරණ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කර ඒ පිළිබඳව වාර්තාවක් ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අද (17) පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව මෑත කාලයේ රජයේ රෝහල්වල සිදු වූ මතභේදාත්මක මරණ සියල්ල සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යනයක් සිදු කර අමාත්‍යවරයා වෙත වාර්තාවක් ලබා දීමට නියමිතව තිබෙන අතර මේ සඳහා ඖෂධ පිළිබඳව මෙන්ම ආසාත්මිකතා පිළිබඳව ද , වෛද්‍ය සහ හෙද යන අංශ පිළිබදව ද මනා දැනුමක් සහ අවබෝධයක් ඇති මහාචාර්‍යවරුන් ඇතුළු පස් දෙනෙකු අදාළ කමිටුව නියෝජනය කරන බව සඳහන් වේ.