චීන විද්‍යාඥයින් පිරිසක් විසින් නිර්මාණය කළ පියාඹන පීරිසියක් එරට ෂෙන්ජෙන් නගරයේ දී පියාසර කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වසර 3ක උත්සාහයකින් පසු ෂෙන්ජෙන් හදුනානොගත් පියාසර වස්තු තාක්ෂණ ආයතනයේ ඉන්ජිනේරුවන් පිරිසක් විසින් මෙය නිර්මාණය කර ඇති බව සඳහන්.
මෙම පීරිසිය මිනිත්තු 15 ක උපරිම කාලයක් තුළදී මීටර් 200ක් ඉහළට ගමන් ගත් බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.















































