ස්වීඩනයේ සිට යාපනය ගුරුනගර් ප්‍රදේශය වෙත පැමිණි විදේශ යුවළක් යාපනයේ තරුණ පිරිසකගේ සහයෝගීත්වයෙන් යුක්තව ගුරුනගර් මුහුදු වෙරළ ආශ්‍රිතව සුද්ධ පවිත්‍ර කිරීමට ආරම්භ කර ඇති බවත්, ඔවුන් දෙදෙනා මාසයක කාලයක් යාපනය ප්‍රදේශයේ රැඳී සිටීම නියමිත බවත් , එම කාලය තුළදී වෙරළ පිරිසිදු කිරීම සඳහා පූර්ණ දායකත්වය ලබා දෙන බවත් වාර්තා වේ.
මොවුන් දෙදෙනා සමඟ වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා එක්ව සිටින තරුණ පිරිසට මූල්‍යමය අනුග්‍රහයක් යටතේ සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වන බවත් , මෙම යුවළ නැවත ස්වීඩනය බලා පිටත්ව යාමෙන් අනතුරුව ද මෙම වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා එම පළාතේ තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ඔවුන් සඳහන් කර තිබේ.














































