රුපියල් එක් කෝටි හය ලක්ෂයක මුදලක් වංචා කළ බහමාස් ජාතිකයෙකු මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පුද්ගලයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් ලබාදෙන බව පවසා ඔහු මෙම මුදල් රැගෙන ඇති බවට විමර්ශනවලදී හෙළිවී තිබේ.
මේ සම්බන්ධයෙන් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.














































