අනුරාධපුර මාර්කට් පෙදෙසෙහි පිහිටි සිව් මහල් ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන ඇති අතර පවතින කාලගුණය හේතුවෙන් ගින්න පැතිරීම වේගවත් බවත් , එම ගොඩනැගිල්ලේ එක් කඩකාමරයක ඇති වූ ගින්න අසළ වූ තවත් වෙළදසැල් කිහිපයකට පැතිර ගිය බවත් වාර්තා වේ.
මෙම ගින්න මැඩ පැවැත්වීම සඳහා අනුරාධපුර නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් විසින් දැඩි වෙහෙසක් ගත් බව සඳහන්.














































