ලබන දෙසැම්බර් මස 1 වනදාට යෙදෙන ලෝක ඒඩ්ස් දින සැමරුම නිමිත්තෙන් HIV හදුනාගැනීමේ විශේෂ සායන මාලාවක් දිවයින පුරා ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ කියා සිටියේ සායන 25කදී මෙම පරීක්ෂණය පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය සුරකින පරිදි සිදු කළ හැකි බවයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0112696433 අංකය ඇමතීමෙන් ලබාගත හැකි බවටද ඇය වැඩිදුරටත් සදහන් කර තිබේ.














































