විශේෂ කාර්ය බලකාය කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන්ට නාවික හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව අද (21) දින කිලිනොච්චිය පොලිස් වසමේ භාරතීපුරම් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් කේරළ ගංජා කිලෝ 01 යි ග්‍රෑම් 700 ක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පනන්කාමම්, නට්ටාන්කණ්ඩල් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාර දුන් බව වාර්තා වේ .














































