ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ අරමුණින් විශේෂ විමර්ශන ඒකකයක් පිහිටුවීමට අදාළව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ .
එම ඒකකය අවුරුදු තුනක් සඳහා 2023.02.15 වන දින සිට බලපැවැත්වෙන බවත් , එහි අධ්‍යක්ෂවරයා ලෙස සහකාර පොලිස් අධිකාරී ඩබ්.ඒ. ජයනාත් වනසිංහ මහතා පත්කර ඇති බවත් සඳහන් .














































