එක්වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් අයිතම් 09ක් ඔක්තෝම්බර් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළ නිෂ්පාදනය සහ අලෙවිය තහනම් කරමින් පරිසර අමාත්‍ය අහමඩ් මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව එම ගැසට් නිවේදනය මගින් එක්වරක් පමණක් භාවිත කරන බීම බට, ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ පිහි, ප්ලාස්ටික් මල්මාලා හා ප්ලාස්ටික් ඉදිආප්ප වට්ටි යන අයිතම ඔක්තෝම්බර් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.
එමෙන්ම ඒවා රට තුළ නිෂ්පාදනය, දේශීය භාවිතය සඳහා ආනයනය, විකිණීම, නොමිලේ පිරිනැමීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් කර ඇති අතර එම නියෝග කඩකරන්නන්ට එරෙහිව ජාතික පාරිසරික පනතේ විධිවිධානවලට අනුව නීතිය ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කර තිබේ.














































