ගල්ගමුව , මීගලෑව ප්රදේශයේ පදිංචි ගොවියන් දෙදෙනෙකු විසින් ඔවුන්ට අයත් වී සහිත අක්කරයක පමණ වූ කුඹුරු යායන් අග්බෝට ආහාර පිණිස ලබා දී තිබෙන බව වාර්තා වේ.
මෙම ගොවීන් දෙදෙනා නමින් එස්.ජී. සුදර්ෂන සහ ටී.එම්. ගුණරත්න බණ්ඩා යි.
අග්බෝ හස්තියා වෙඩි පහර කමින් , අලි වෙඩි නොතකා , නොයෙකුත් බාධක මැද හොරෙන් හෝ බලෙන් කුඹුරු වලට බැස වී වගාව කෑමට පුරුදුව සිටියේය. නමුත් අග්බෝ හස්තියා ගිලන්ව සිටින මේ වකවානුවේ කුඹුරු සොයා යාමට නොහැකිවීමෙන් පෙලෙන සාංකාව හෝ ආශාව මේ දානය හේතුවෙන් සංසිදෙනු ඇතැයි මෙම ගොවීන් විශ්වාස කරති.














































