ප්‍රංශයේ සිදු කළ වෙඩි තැබීමකින් 11 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
අසල්වැසියන් අතර ඉඩමක් සම්බන්ධයෙන් තිබූ ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව සදහන්.
වෙඩිතැබීම හේතුවෙන් දැරියගේ මව සහ පියාද බරපතළ තුවාල ලබා තිබේ.
එම පවුල පිළිබඳව සොයා බලන බවට බ්‍රිතාන්‍ය බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
මෙම වෙඩි තැබීම සදහා සැකපිට 71 හැවිරිදි නෙදර්ලන්ත ජාතිකයෙක් සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.















































