ගම්පොළ ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණියක් පසුගිය ඉරිදා (05) සිට අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
මැය ගම්පොළ ප්‍රදේශයේම පදිංචි මුස්ලිම් තරුණියකි.
මෙම තරුණිය ඔසුසලක සේවය කරන අයෙක් බවත් තම සේවා ස්ථානයට යාම සඳහා බස් රථයක් ගැනීමට තම නිවසේ සිට කිලෝ මීටර් 2 ක් පමණ දුරක් පයින් ගමන් කළ යුතු බවත් මෙම මාර්ගය පාළු ස්වාභාවයක් ගන්නා බවත් සඳහන්.
නිවසේ සිට මීටර් 100ක් පමණ දුරින් ඇති ඇල්පිටිය මුස්ලිම් පල්ලියේ CCTV කැමරාවෙහි ඇය මාර්ගයේ පයින් ගමන් කරන අයුරු සටහන්ව ඇති නමුත් ඊට මීටර් 50ක් පමණ දුරින් ඇති CCTV කැමරාවේ මෙම තරුණිය මාර්ගයේ ගමන් කරන අයුරු සටහන් වී නොමැති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කරුනු ලබයි.