අවුරුදු 24 ක් වයසැති තරුණියක් අතුරුදන් වී ඇති බවට වැලිපැන්න පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වේ.
වැලිපැන්න පොලීසිය සඳහන් කළේ ලද පැමිණිල්ලක් මත සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බවයි.
වැලිපැන්න හිජ්රා මාවතේ පදිංචි අදාළ තරුණියකගේ පියා විසින් පොලීසියට පැමිණිලි කර තිබේ.
හිජ්රා මාවතේ පදිංචිව සිටි මොහොමඩ් අමීන් ෆාතිමා අස්මියා නමැති තරුණිය මෙසේ අතුරුදන්වී ඇත.
තරුණිය ඊයේ (27) රාත්‍රියේ සිට අතුරුදන් බවට පැමිණිල්ලේ සඳහන් වෙයි.
ඇය නිවසේ පිටුපස දොරෙන් පිටව ගොස් ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරු වී ඇති බවට පොලීසිය කියයි.
අතුරුදන් තරුණියගේ බවට හඳුනාගෙන ඇති සෙරෙප්පුවක් නිවස ආසන්නයේ පිහිටි වැලිපැන්න ඇල ඉවුරේ තිබී සොයාගත් බවද පොලීසිය පවසයි.














































