ගොඩකවෙල , නියංගම ප්‍රදේශයේ අවුරුදු 16 ක නියංගම පාසලේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගොඩකවෙල , නියංගම ප්‍රදේශයේ පදිංචි අලෝක ශ්‍රී ප්‍රියමන්ත නැමැති සිසුවෙක් වන අතර වැලිගෙපොල , පුස්සතොට පිහිටි කෝන්කටුආර නැමැති වැවක දිය නෑමට ගොස් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවට සැක පල කරයි.
ගොඩකවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එන්.ආර්. විජේසිරි මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රශ්මේන්ද්‍ර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.














































