English
සිංහල
01:02 සිකුරාදා, ඔක්තෝබර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    හැට්ටෙ අස්සෙන් ගත්තු රුපියල් 50 තරුෂිට දුන් ආච්චි අම්මෙක්.

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    තරුෂිගේ අයියා හර්ෂට එදා ආසියානු යොවුන් මලළ ක්‍රීඩා තරඟයට යන්න දඹගොඩපිටිය ගමේ මිනිස්සු උදව් කළ හැටි තරුෂිගේ පියා නිලාන් කරුණාරත්න මෙනෙහි කරයි!

    තරුෂි කරුණාරත්න,ඇය මේ වන විට ආසියාවේ වේගවත්ව ක්‍රීඩිකාව ලෙස කිරුළු පළඳා අවසන්‍ ය.

    මුළු ලෝකයම තරුෂි ගැන කතා කරද්දී kandy prime news අපි මේ සුපිරි ක්‍රීඩා තාරකාවියගේ වගතුග සොයා ගෙන ගියෙමු.තරුෂිගේ පියා නිලාන් කරුණාරත්නය.ඔහුද පාසල් සමයේ දක්ෂ මලළ ක්‍රීඩකයෙකි..මව  නිලූෂිකා දිල්රුක්ෂිය.  තරුෂි පිටුපසින් සිටි යෝධ සෙවනැලි ඔවුන් ය.

    උඩුදුම්බර දඹගොඩපිටිය නම් සුන්දර ගම් පියසේ හැඳී වැඩුණු තරුෂි මලළ ක්‍රීඩාවට පිවිසෙන්නේ උඩුදුම්බර චූලාභය මහා ව්දුහලෙනි.එම පාසලේ ඇගේ පළමු ක්‍රීඩා භාර ආචාර්ය වරිය වන්නේ පුෂ්පා කුමුදුනී මහත්මියයි.තරුෂිගේ ක්‍රීඩා හැකියාවන් මැන්වින් තේරුම් ගන්නා ඇය එම පාසලේ ඇයට පෙර  ක්‍රීඩා පුහුණු කරු ලෙස කටයුතු කළ සුසන්ත ප්‍රනාන්දු මහතාට තරුෂිව යොමු කිරීම තරුෂි ලැබූ මේ ජයග්‍රහණයක් සැබෑ ආරම්භයයි.

    තරුෂිගේ පවුල ක්‍රීඩා පවුලකි.ඇගේ වැඩිමහල් සහෝදරයා හර්ෂ කරුණාරත්න ය.ඔහු ද මලළ ක්‍රීඩාවෙන් ශ්‍රීලංකාවට ගෞරව රැසක් ලබා දුන් ක්‍රීඩකයෙකි.ඇගේ බාල සොහොයුරියද මලළ  ක්‍රීඩාවට උපන් හපන්කම් දක්වයි.වලල මධ්‍ය මහා විදුහලේ 7 වැනි වසරේ ඉගෙනුම ලබන ඇය මීටර් 100 -80 ඉසව්වේ වත්තේගම අධ්‍යාපන කළාපයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කිරුළ හිමි කරගෙන සිටී.

    අපි  තරුෂිගේ පියාගේ කතාවට සවන් දෙමු.

    “අපි උඩුදුම්බර දඹගොඩපිටිය ගමේ උපන් අය. කුඹුරේ නියරේ කැලේ ගහ කොළ,සතා සීපාවගේ සුවද හඳුනන මිනිස්සු.මගේ දුව මුලින් පාසල් ගියේ උඩුදුම්බර චූලාභය මහා විදුහලට.ඇගේ මලළ ක්‍රීඩා දස්කම් මුලින්ම මතු වන්නේ එම පාසලේදී .ඇගේ මුල්ම ක්‍රීඩා උපදේශිකාව වුණේ එම පාසලේ ක්‍රීඩා කටයුතු භාරව සිටි පුෂ්පා කුමුදුනී මහත්මියයි.ඇය තමයි මගේ දුවව සුසන්ත සර්ට හදුන්වා දෙන්නේ.තරුෂි දුවගේ  ක්‍රීඩා ජීවිතය වෙනස් වෙන්නේ ඇය කළ ඒ කැප කිරීම නිසා බව මම මේ මොහොතේ එම ගුරුමහත්මියට ගරු කිරීමක් ලෙස  මතක් කළ යුතුයි .පසුව ඇය කෙන්ගල්ල මහා විදුහලට ඇතුළත් කිරීමට අපි කටයුතු කළා.අපිට ආසන්නම හොදම මලළ ක්‍රීඩා පිටිය තිබෙන්නේ දිගන නිසයි අපි කෙන්ගල්ලට එන්නේ.එහිදී දැක්වු කුසලතා නිසා ඇයට වලල ක්‍රීඩා පාසලට ඇතුළත් වීමේ අවස්ථාව හිමි වෙනවා.

    මගේ දරුවෝ මලළ ක්‍රීඩාවෙන් දස්කම් දක්වමින් මෙතෙක් ආ ගමන් මඟ ගැන මට විශාල සතුටක් ඇති වෙනවා.මේ ගමන් මඟ ඉතා දුෂ්කරතා මැද පැමිණි ගමනක්.මගේ ලොකු පුතා හර්ෂට මුලින්ම  ක්‍රීඩාවට රට යන්න සල්ලි තිබුණේ නැහැ .අපේ ගමේ සියලු දෙනාම එකතු වෙලා තමන්ගේ අතේ තිබුණ මුදල් පුළුවන් විදියට දීලා තමයි.අපිව රට යැව්වේ. ගමේ පන්සලේ හාමුදුරුවෝ පිරිත් කියලා , ගමේ ලොකු කුඩා සියලු දෙනාම තමනට  හැකි පමණ මුදලින් උදව් කරලා තමයි එදා හර්ෂව ජාත්‍යන්තර තරඟයට යැව්වේ .

    කවදාවත් ගුවන් යානයක ගිහින් නැති අපි ලංකාව නොපෙනී යන කොට හොඳටම ඇඬුවා: ඒ ඇඩුවේ සතුටට ද දුකටද කියලා මට තාම හිතා ගන්න බැහැ:

    “මට මතකයි එක අම්මා කෙනෙක් අනේ පුතේ මගේ අතේ තියෙන්නේ රුපියල්  පනහයි,ඒක මම දෙනවා පුතාට තරඟයට යන්න ,කොහොම හරි රට වෙනුවෙන්  දිනලා එන්න ඕනෑ කියලා ආශිර්වාද කරලා ඒ මුදල දුන්නේ.ඒ මොහොතේ අපේ ඇස් කඳුලින් පිරුණා මට මතකයි.අපි
    කවදාවත් ගුවන් යානයක ගිහින් තිබුණේ නැහැ .කටුනායක ගුවන් තොටෙන් ගුවන් යානයයට නැගලා ශ්‍රීලංකාවෙන් නොපෙනී යන විට අපි හැමෝම   ඇඩුවා.ඒ ඇඩුවේ සතුටටද දුකටද කියලා මට තාම හිතා ගන්න බැහැ “

    නිලාන් අතීතය මෙනෙහි කළේ අපට හිතන්නට බොහෝ දේ ඉතිරි කරමිනි.

    හර්ෂ ආසියානු යොවුන් මලළ ක්‍රීඩා තරඟයෙන් ශ්‍රීලංකාවට රිදී පදක්කමක් දිනා දුන්නා.ඒ අඩිපාරේම ගිය මගේ දුව රටට රන් පදක්කමක් අරන් දුන්නා.මගේ දරුවෝ තුන් දෙනාම තාමත් පුහුණු දිගන මලළ ක්‍රීඩා පිටියේ.සුසන්ත සර් කියන්නේ මගේ දරුවා ශ්‍රීලංකාවේ  අනාගත ඔලිම්පික් බලාපොරොත්තුව කියලා.

    දරුවන්ගේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් වියදම් කරන්න මුදල් නැති නිසා පදිංචි නිවස විකුණන්න තීරණය කළා!

    “මගේ දරුවන්ගේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් වියදම් කරන්න මුදල් නැති නිසා.මම ඉන්න නිවස පවා විකුණනවා කියලා තීරණය කරලා තිබුණා .මගේ දුවගේ මේ ජයග්‍රහණය සමඟ දැන් මට විශාල සහයෝගයක් හැම අංශයෙන්ම ලැබෙනවා. රජයෙන් මෙන්ම පුද්ගලික අංශයෙන් ද අපිට අතහිත දෙන්න පොරොන්දු වෙලා තිබෙනවා .

    තරුෂිට ක්‍රීඩා පුහුණු කටයුතු වලදී විවිධ බාධක ආවා.ඒ දේ ගැන හිරු,දෙරණ,ස්වර්ණවාහිනි, kandy prime රාවණා ලංකා වැනි බොහෝ මාධ්‍ය පෙනී සිටියා.එම මාධ්‍ය ආයතන දුන් සහයෝගය නිසා බොහෝ දෙනෙකුගේ ඇස් ඇරුණා.ඒ මාධ්‍ය ආයතන සියල්ලටම උදව් උපකාර කළ සියලු දෙනාටම මගේ ගෞරවය පුද කරනවා.

    තරුෂිගේ ජයග්‍රහණයේ නියමුවා සුසන්ත ප්‍රනාන්දු මහතා කියන්නේ මෙවැන්නකි.

    “මේක අපි සතුටු වෙනවා වගේම ලෝකය දින්නා කියලා හිතන්නේ නැහැ. තරුෂි වුනත් එහෙම හිතන්නේ නැහැ. ඒ මනස හැදිලා තියෙන්නෙත් ඒ විදිහට. ඒ නිසා අපි බොහොම පරිස්සමින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.”  තරුෂිගේ පුහුණු කරු සුසන්ත ප්‍රනාන්දු මහතා  පවසයි . තරුෂි හට ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයකින් ශිෂ්‍යත්වයක් හිමිව ඇති බවත් ලබන වසරේදී ඇය එරට බලා යනු ඇති බවත් ඔහු BBC ලෝක සේවයට පවසා තිබුණි .

    “තරුෂි ක්‍රීඩාවට වගේම අධ්‍යාපනයටත් දක්ෂ කෙනෙක්. ඇය මෙවර උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් පෙනී සිටිනවා. විභාගය ජනවාරි මාසයට කල් ගිය එකත් හොඳයි ඇයට.”

    “ආසියානු මලල ක්‍රීඩා ශුරතාවලියේ දී ඇය පෙන්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක් ඇයට ශිෂ්‍යත්වයක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මගේ නම් බලාපොරොත්තුව ඒ ශිෂ්‍යත්වය කරා යැවීමට.”

    “මොකද එයාලා ගොඩක් ආර්ථික අපහසුතා මැද තමයි මේ ගමන ආවේ. ඇයගේ දෙමව්පියෝ ලොකු කැපවීමක් කරනවා. ඉතින් තරුෂි ජයගන්නවා වගේම ඇයගේ දෙමව්පියන් සහ පවුලේ අයත් ජය ගන්න ඕන. අධ්‍යාපන කටයුතු කරගෙන, ක්‍රීඩාව නතර කරන දවසට ආර්ථිකයත් ශක්තිමත් කරගෙන, පවුලේ අයවත් හොඳින් තියන්න පුළුවන් තැනකට ඇය එන්න ඕන කියලා.ඒ නිසා බලාපොරොත්තු වනවා ලබන වසරේදී ඇයට ඒ ගමන යන්න යෑමට අවශ්‍ය සුදානම ලබා දෙන්න. මොකද අපේ කියලා ඇයව රටේම තියා ගන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ.

    ජනපතිගෙන් සුබපැතුම්

    ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ තරුෂි කරුණාරත්න ශිෂ්‍යාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් සුබපැතුම් පිරිනැමීය.

    ඊයේ  (05) පෙරවරුවේ දුරකථන මාර්ගය ඔස්සේ එම සිසුවිය සම්බන්ධ කර ගත් ජනාධිපතිවරයා ඇයගේ දක්ෂතා ඇගයීමට ලක් කළේය.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇය ජාත්‍යන්තරයේ දී අත්කරගත් සුවිශේෂී ජයග්‍රහණය මෙම අවස්ථාවේ රටට මහත් ආඩම්බරයක් බව පැවසූ ජනාධිපතිවරයා ඇයගේ ඉදිරි ක්‍රීඩා කටයුතු වෙනුවෙන් සිය ආශිර්වාදය ද පළ කළේය.

    එසේම තරුෂි කරුණාරත්න සිසුවිය දිවයිනට පැමිණි පසුව ඇය හමුවීමට අපේක්ෂා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය.

    මෙම ජයග්‍රහණයත සමඟ එදා ඇය වෙනුවෙන් නොසිටි බොහෝ පිරිසක් අද ඇය වෙනුවෙන්  පෙරට පැමිණෙමින් සිටිති.කුමන තත්ත්වයක් යටතේ වුවද  රට වෙනුවෙන් රටේ  ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් එය ඉතා හොඳ ප්‍රවණතාවයකි..වාද භේද ඉවතලා දක්ෂ ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර තලයට ඔසවා තබන්නේ කෙසේද කියා  මෑතකදී රටට හොඳම පණිවිඩය ලබා දුන්නේ තරුෂි කරුණාරත්නය.ඒ මෙරට  පාසල් මට්ටමේ සිට පළාත් සභා හරහා කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශය දක්වා දම්වැලක් ලෙස බැඳුණු එහෙත් තැන් තැන් වල පුරුක් ගැළවුණු ශ්‍රීලාංකිය ක්‍රීඩාව නම් යෝධ දම්වැල යම් තාක් දුරකට යළි යථා තත්ත්වයට ගෙන එන්නට තරුෂිගේ මේ ජයග්‍රහණයට හැකි වී ඇත .මෙරට සුවහසක් ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රාර්ථනා සුළු වශයෙන් හෝ මල්එල ගැන්වීමකි.

    ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් පාසැල් ක්‍රීඩිකාවන්!

    තරුෂි කරුණාරත්න වාර්තා පොත් අතරට එක්වන්නේ ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලකදී රන් පදක්කමක් දිනා දුන් තෙවන ක්‍රීඩිකාව ලෙසය.

    මීට පෙර ආසියානු ක්‍රීඩා උළෙල දෙකකදී පාසැල් යන වයසේ පසුවු ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දිනා දීමට සමත් වී තිබේ.

    1994 සහ 1998 වසරවලදී පිළිවෙලින් දමයන්ති දර්ශා සහ ශ්‍රියානි කුලවංශ මෙලෙස ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දිනා දීමට සමත් විය.

    ඉතිහාසය අලුත් කළ තවත් පදක්කම් දෙකක්

    මේ අතර ( ඔක් 04 වෙනිදා) ආසියානු ක්‍රීඩා උළෙලේදී පැවති කාන්තා සහ පිරිමි සහය ධාවන ඉසව් ද්විත්වයෙන් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

    එහිදී මීටර් 400 x 4 ධාවන ඉසව්වේ දී ශ්‍රී ලංකා කණ්ඩායම, එම තරගය මිනිත්තු 03 යි තත්පර 30 දශම 8 යි 8 කින් නිමා කරමින් සිය පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය.

    ආසියානු ක්‍රීඩා උළෙලේ සහය දිවීමේ කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාව පදක්කමක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසයට එක්වෙයි.

    මේ අතර පිරිමි මීටර් 400 x 4 සහය දිවීමේ ඉසව්වේ දී මිනිත්තු තුනයි තත්පර 02 යි දශම 5 යි 5 කින් තරගය අවසන් කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය.

    ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි සහය දිවීමේ ඉසව්වෙන් පදක්කමක් ජයග්‍රහණය කරනු ලැබුවේ 2006 වසරෙන් පසුව වීමද විශේෂත්වයකි.

    සරත් සමරනායක.

    Tags: ප්‍රජා පුවත්විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version