සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන පළමු එක්දින තරගය කඩුලු 6 කින් ජය ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වූ බවට වාර්තා වේ.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 268 ක් බව සදහන්.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 91 ක්ද ,ධනංජය සිල්වා ලකුණු 51ක්ද රැස් කර තිබේ.
ලකුණු 269ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 5කදී සිය ජය්‍රහණය තහවුරු කර ගත් බව සදහන්.













































