ඊයේ (12) වන සංරක්ෂණ නිලධාරීන් පිරිසක් විසින් මුලතිව් පුදුකුඩිඉරිප්පු , කයිවේලි ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසකට මන්නා පිහියකින් පහර දී තුවාල සිදු කර ඇති බව වාර්තා වේ.
රජය විසින් ලබා දී තිබෙන ඉඩම්වලින් ප්‍රථමයෙන් තාවකාලික පැල්පත් නිවාස ඉදිකිරීම ගොස් සිටි අවස්ථාවේ නිලධාරීන් විසින් භූමිතෙල් රැගෙන පැල්පත් නිවාස ගිනි තැබීමට උත්සාහ ගෙන ඇති අතර එහිදී ප්‍රදේශවාසීන් පිරිසක් විසින් එය නවත්වා තිබේ. එම අවස්ථාවේ දී වන සංරක්ෂණ නිලධාරීන් විසින් මෙම පහර දීම සිදු කර ඇති බව සඳහන් වේ.
මෙම පහර දීමෙන් කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා පුදුකුඩිඉරිප්පු රෝහල වෙත ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලැබීමෙන් අනතුරුව පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපති සහ නිලධාරීන් පිරිසක් විසින් අදාළ ස්ථානයට ගොස් සිද්ධිය සමථකයකට පත් කර තිබේ.














































