ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 03ක් සමඟ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
ඊයේ සවස් කාලයේ යාපනය, කච්චතිව් දූපතට හා කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයන්හි සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් මෙම පිරිස අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
මෙම පිරිස සහ ධීවර බෝට්ටු කන්කසන්තුරය වරාය වෙත රැගෙන එන ලද අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිත බව සඳහන්.














































