විවිධ අපරාධකරුවන් හට රටින් පැන යාම සඳහා ව්‍යාජ ගමන් බලපත්‍ර සකස් කළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මොවුන් සන්තකයේ තිබී මත්කුඩු මිලි ග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.
කඩවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර සකස් කිරීම සඳහා අනුබල දුන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සැකකරුවන් රඳවා ගැනීමේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා ගෙන විමර්ශන සිදු කරන බව සඳහන් වේ.