සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු විසින් ආර්ථික සාධාරණත්වය සහතික කිරීම සඳහා ඒකාබද්ධ කණ්ඩායමක් පිහිටුවීමට සුදානම් වන බව වාර්තා වේ.
මේ සඳහා සියලුම දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු සම්බන්ධ කර ගැනීමට නව පියවරයන් ආරම්භ කර ඇති බවත් , මෙම කණ්ඩායම ‘ආර්ථීක සාධාරණත්වය සඳහා වූ මන්ත්‍රී සංසදය’ ලෙස නම් කිරීමට තීරණය කර ඇති බවත් සඳහන් .
එමෙන්ම ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ද සංසදය සඳහා එක්වේවි යැයි අපේක්ෂා කරන බවත් , ඉදිරි සතිය තුළ මේ සම්බන්ධයෙන් තොරතුරු ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවත් ය.














































