ගුරු දිනය සැමරීමට ඌරාපොල ප්‍රදේශයේ විදුහලක පැවති උත්සවයක්දී කේක් ආහාරයට ගෙන මුහුණේ කේක් තවරා ගනිමින් විනෝද වූ 7 ශ්‍රේණියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් නව දෙනෙකු කිසියම් ආසාද්මිකතාවයකට ලක්වීම හේතුවෙන් අද (06) දහවල් වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ .
ගුරු දිනය නිමිත්තෙන් පාසලට කේක් ගෙනවිත් ගුරුවරුන්ට ද පිළිගන්වා ළමුන් ද කේක් අනුභව කර පසුව ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් එකිනෙකා අතර කේක් මුහුණේ සහ ඇගෙහි තවරා ගනිමින් විනෝද වෙමින් සිට තිබේ. එම අවස්ථාවේ ඇතිවූ ආසාත්මිකතාවක් හේතුවෙන් දරුවන්ව රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් .
සිසු පිරිස අසාත්මිකතාවයට ලක්වූයේ කේක් ආහාරයට ගැනීම නිසා ද නැතහොත් ඔවුන් විනෝදය සඳහා කේක් මුහුණේ තවරා ගැනීමේදී ඇති වූ වෙනත් හේතුවකින් ද යන්න මෙතෙක් හෙළි වී නොමැත.














































