බේරුවල මාගල්කන්ද මුහුදු වෙරළ ආසන්නයේ දින ගණනාවක පටන් ගැට කිඹුලෙක් සැරිසරන බවත් ඊයේ (16) දිනයේ ද එම කිඹුලා වෙරළ ආසන්නයේ සැරිසැරූ බවත් ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ නිසා ධීවරයින් ද තරමක භීතියෙන් පසු වන බවත් , වෙරළ තීරයට ජනතාව පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවත් සඳහන්.
මේ සම්බන්ධයෙන් දිගින් දිගටම වනජීවී කාර්‍යාලය දනුවත් කළ ද ඔවුන් කිඹුලා ඇල්ලීමට කිසිඳු පියවරක් මෙතෙක් ගෙන නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරති.














































