මීගමුවේ කුරණ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක රූමත් ගායිකාවකට ලිංගික අතවර කරන ලදැයි එම සංගීත කණ්ඩායේම සාමාජිකයකු වන ගිටාර් වාදකයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව කුරණ ප්‍රදේශයේ පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක සාමාජිකයකු වන ජාඇළ තුඩැල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ගිටාර් වාදකයෙකි.
එම සංගීත කණ්ඩායමටම අයත් සමාජිකාවක වන 28 හැවිරිදි ගායිකාව තම පැමිණිල්ල ඉදිරිපත් කරමින් සංගීත සංදර්ශන වලට සහභාගි වීමට විවිධ ප්‍රදේශවලට යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සඳහා තම කණ්ඩායමට ලබා දී ඇති බස්රථය තුළදී සැකකරු කායිකව සහ වාචිකව තමන්ට ලිංගික අතවර කරන ලදැයි සඳහන් කර ඇති බවට ජාඇළ පොලීසිය පවසයි.
ජාඇළ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසූරියගේ උපදෙස් මත ජාඇළ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.රේණුකා විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.














































