වැටලීමක් අතරතුරදී බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් තණමල්විල පොලීසියේ නිලධාරියෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව එම පොලිස් නිලධාරියා තණමල්විල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහුව හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා ඇති බව සඳහන් .
වාර්තා වන ආකාරයට උඩවලව තණමල්විල මාර්ගයේ විජයපුර ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂාකරමින් සිටියදී එම පුද්ගලයා අසල පිහිටි ඉඩමකට පළාගොස් ඇති අතර ඔහු අල්ලාගැනීමට යාමේදී අදාළ පොලිස් සැරයන්වරයා මෙලෙස අනතුරට පත්ව තිබේ .














































