බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නිල ෆේස්බුක් පිටුවට හැකර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාළ ෆේස්බුක් පිටුවේ මේ වන විට අන්තර්ජාල ක්‍රීඩාවක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර ,මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් දේශබන්දු තෙන්නකෝන් පවසන්නේ තමන්ගේ ෆේස්බුක් පිටුවට කිසියම් අයෙක් අනවසරයෙන් ඇතුළු වී ඇති බවයි.
එබැවින් මෙම ෆේස්බුක් පිටුව හරහා සිදු කරනු ලබන කිසිදු තොරතුරක් තමන් විසින් පළකරනු ලබන්නක් නොවන බවත් ඊට ප්‍රතිචාර නොදක්වන ලෙසත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉල්ලා සිටී.
ගිණුම නැවත යථා තත්ත්වයට පත් කරගැනීමටත් මෙම ක්‍රියාවට අදාළ නීත්‍යානුකූල පියවර ගැනීමටත් තමා කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සදහන් කර තිබේ.















































