පාදුක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස පෙනී සිටිමින් කාන්තාවක් අපයෝජනයට ලක්කර ඇය සතු රන් භාණ්ඩ කොල්ලකෑමේ පුද්ගලයෙකු මොරොන්තුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
අපයෝජනයට ලක්වූ කාන්තාව සම්භාහන මධ්‍යස්ථානයක රැකියාවක් කරන අතර මුහුණු පොත හරහා මෙම පුද්ගලයාව හඳුනා ගෙන තිබේ. මොරොන්තුඩුව ප්‍රදේශයේ කාමර කුලියට ලබා දෙන ස්ථානයකට පැමිණීමෙන් අනතුරුව මෙම සැකකරු විසින් තමා පාදුක්ක පොලිසියේ ස්ථානාධිපති බව පවසා රාජකාරි හැඳුනුම් පතක් ද පෙන්වා තිබේ . අනතුරුව ඇය අපයෝජනයට ලක්කර ඇය සතුව තිබූ රන් මාලයද කොල්ලකා මෙම සැකකරු පළා ගොස් තිබෙන බව සඳහන් .
මොරොන්තුඩුව පොලිසිය විසින් විමර්ශන සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කොල්ලකෑ රන් භාණ්ඩද සොයාගත් බව වාර්තා වේ .