ශ්‍රී ලංකාව සඳහා ඉන්දියාව නව මහකොමසාරිස්වරයෙකු පත් කර ඇති බව වාර්තා වේ.
එසේ පත් කර ඇත්තේ බෙල්ජියමේ ඉන්දීය මහකොමසාරිස් ලෙස කටයුතු කරන ශ්‍රී සන්තෝෂ් ජා මහතාය.
ඒ මහතා කඩිනමින් ශ්‍රී ලංකාවේ නව මහකොමසාරිස්වරයා ලෙස රාජකාරී කටයුතු ආරම්භ කරනු ඇති බවට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස මේ වන විට කටයුතු කරනු ලබන්නේ ගෝපාල් බග්ලේ මහතා ය.














































