ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයේදී ට්‍රක් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ බස් රථය රාජස්ථානයේ පුෂ්කාර් සිට උත්තර් ප්‍රදේශ් දක්වා ධාවනය වෙමින් තිබියදී අලුයම 4.30 ට පමණ මෙම අනතුර සිදුව තිබෙන බවයි.
බස් රථයේ ඉන්ධන අවසන් වී ලකාන්පූර් ප්‍රදේශයේ ඇන්ත්‍රා ගුවන් පාලම අසල නතර කර ඇති අවස්ථාවේ දී ට්‍රක් රථය පිටුපසින් පැමිණ බස් රථයේ ගැටී තිබේ.















































